Teachers

ගුරුවරයාට තාක්ෂණය සමග ඉගැන්වීම් ක්‍රියාවලිය | Technology For Teachers

ගුරුවරයාට තාක්ෂණය සමග ඉගැන්වීම් ක්‍රියාවලිය | Technology For Teachers

 

අපි කොහොමද නොදන්න කරුනක් හොයාගන්නේ?

        මේකෙදි මුලින්ම මතකයට එන්නේ අන්තර්ජාලය. අන්තර්ජාලය අධ්‍යාපනය ලැබීමට හොදම මාධ්‍යයකි. නමුත් එය නිවැරදිව භාවිතා කල යුතුයි. ඔබ ගුරුවරයෙකු ලෙස ඔබට තාක්ශණය හා අන්තර්ජාලය ඉතා ප්‍රයෝජනවත් දෙයකි. එසේනම් ඔබේ විශ්වකෝෂයට දැනුම එකතු කරගනිමු.

ඔබට අන්තර්ජාල සබඳතාවක් තිබේනම් www.google.lk වෙත යන්න. ඔබේ අන්තර්ජාල ගුරුවරයා එයයි. සර්ච් කරන්න ඔබ නොදන්නා දේ. අපි හිතමු ඔබට මූලික චලිත වර්ග පිලිබඳ වැඩිදුර කරුණු සෙවීමට අවශ්‍යයි. ඉංශ්‍රීසි මාධ්‍යයෙන් ලොව පුරා බොහෝ ලිපි පලකර ඇති නිසා ඔබට “Basic ලෙස සෙවීම් කටයුතු කල හැකිය. ඔබට සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් “මූලික චලිත වර්ග” යනුවෙන් සෙවීම් කල හැකිය. එවිට සෙව්ම් ප්‍රතිඵල ලෙස බොහෝ ලිපි ප්‍රමාණයක් දැක්වෙන අතර ඔබට අවශ්‍යය දේ තිබේනම් එම ලිපි තුළින් ඔබට අදාළ කරුණු සොයාගත හැකිය.

එලෙසම ඔබට ඒ ආශ්‍රියෙන් වීඩියෝපට අවශ්‍යය නම් www.youtube.com වෙත යන්න. එහි ඔබට අවශ්‍යය දේ සෙවීම් කටයුතු කරන්න. ඔබට youtube හි ඇති වීඩියෝවක් බාගත කරගැනීමට අවශ්‍යය නම් Tubemate වැනි ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් භාවිතා කල හැකිය. නැතිනම් www.y2mate.com වැනි online සේවාවකින් ඔබේ විඩියෝව බාගත කල හැකිය.

 

වීඩියෝ හා හඩපට දරුවන්ට ප්‍රදර්ශනය කරන්නේ කෙසේද?

මේ සදහා විවිධ ක්‍රම අනුගමනය කල හැකිය.
Multimedia projector යන්ත්‍ර භාවිතය

projector
මෙම multimedia projects ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරය තුළ ඇත්නම් තොරතුරු තාක්ශනය විෂයභාර ගුරුවරයාගේ උදව් ඇතිව ඔබටඅධ්‍යාපනික වීඩියෝපට හා presentation මගින් සිසුන් සියල්ලටම පෙනෙන පරිදි ඉගැන්වීම් කටයුතු සිදුකළ හැකිය. මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයකි.

➤ Laptop පරිගණකය භාවිතයෙන්


මේ සදහා ඔබේ personal laptop පරිගණකය යොදාගත හැකිය. නමුත් මෙය සිසුන් වැඩි පිරිසකට නොපෙනෙන නිසා මේ සදහා විධිමත් ක්‍රමයක් අනුගමනය කරන්න. එමෙන්ම පරිගණක තිරයට පරිසරයෙන් වැටෙන ආලෝක ප්‍රමාණය අනුව එය දිස්වෙන ප්‍රමාණය තීරණය වේ.ඒ පිලිබඳව සැලකිලිමත් වන්න. Laptop පරිගණකයේ ශබ්දය ප්‍රමාණවත් නොවේනම් ඔබට Portable Speakers භාවිතා කල හැකිය

මෙම ස්පීකර්ස්  වෙළෙඳපොළෙන් රු 700-1500 අතර මුදලකට මිලදීගත හැකිය. පංති කාමරයට ප්‍රමාණවත් ශබ්දයක් මෙමගින් ලබාගත හැකිය.

➤ ජංගම දුරකථනය භාවිතයෙන්
ඉහත පහසුකම් සොයාගැනීමට අපහසුනම් ඔබේ ජංගම දුරකථනය භාවිතා කල හැකියි.
මේ සදහා ප්‍රමාණවත් තිරයක් සහිත ජංගම දුරකථනයක් අවශ්‍යය වේ. ඔබේ අධ්‍යාපනික විඩියෝපට සිසුන් කුඩා කණ්ඩායම් සකස්කර පෙන්වීම වැනි සුදුසු ක්‍රමයක් අනුගමනය කරන්න.

 

Bluetooth speakers භාවිතය
speakers

ඔබේ laptop පරිගණකය හෝ ජංගම දුරකථනය සදහා මෙය භාවිතා කල හැකියි. මෙම Bluetooth speaker පංතියෙ සුදුසු ස්ථානයක තබමින් පරිගණකය හෝ ජංගම දුරකථනය එයට wireless ලෙස Bluetooth වලින් සම්බන්ධ කල හැකිය.එවිට ඔබේ පරිගණකය හෝ ජංගම දුරකථනය පංතියේ විවිධ ස්ථාන වෙත ගොස් ඉගැන්වීම් කටයුතු සිදුකල හැකි අතර සිසුන්ගේද වැඩි අවධානයක් යොමු වේ.

 

USB pen drive එකක් ලග තියාගන්න

මේ වගේ pen drive එකක් ලග තියාගන්න. වෙළෙඳපොළෙන් විවිධ ධාරිතාවන්ගෙන් යුක්ත pen drive විවිධ මිලගණන් වලින් මිලදීගත හැකිය. මෙමගින් ඔබට අවශ්‍යය කරන pdf, presentation , video , sound clip වැනි  අධ්‍යාපනික වටිනාකමකින් යුත් කරුණු ගබඩාකර තබා ගත හැකිය. එය අවශ්‍යය විටක ලබාගැනීමට පහසු නිසා ඔබේ ඉගැන්වීම් ක්‍රියාවලිය පහසු කරගත හැකියාව ලැබෙනු ඇත.

 

අධ්‍යාපනික වෙබ්අඩවි භාවිතා කරන්න

ඔබේ පාඩම් සියල්ල අති සාර්ථක ලෙස සිදුකිරීමට හැකියාව මෙම වෙබ් අඩවි භාවිතයෙන් ලබාගත හැකිය.

  • www.e-Patashala.lk
  • www.leanenglish.lk
  • www.vidunena.lk
  • www.skoool.lk
  • www.bashaguru.lk
  • www.wedananasala.org
  • www.e-thaksalawa.moe.gov.lk
  • www.edupub.gov.lk

Distance education – දුරස්ථ අධ්‍යාපනය

distance learning

Distance education

පංතිකාමරයෙන් බැහැරව දුරස්ථව සිට ඉගැන්වීම් කටයුතු සිදුකල හැකි ක්‍රම වර්ථමාන නව තාක්ශණයත් සමග අපහට ලැබී ඇත. ඒවා භාවිතාකිරීමට යොමුවීම තුළින් මගහැරෙන අධ්‍යාපනය නැවත පෝෂණය කිරීමට අවස්ථාව සැලසේ.

මේ සදහා Viber,  WhatsApp , Facebook group , zoom වැනි ක්‍රම භාවිතය.

උදාහරණ :

ඔබට අද හදිසි හේතුවක් නිසා පාසල් යන්න නොහැකිවෙනවා. ඔබට පුලුවන් ඔබට අත්‍යාවශ්‍යම පංතිය තොරතුරු තාක්ශණ ගුරුවරයාගේ උදව්වෙන් පරිගණක විද්‍යාගාරයට රැස් කරන්න. ඔබට නිවසේ සිට දරුවන්ට zoom video call තාක්ශණය හරහා ඉගැන්වීම් කටයුතු සිදුකල හැකිය.

එසේම ඔබගේ උපකාරක පංතියට ඔබට යෑමට නොහැකිවෙනවා. ඔබට පුලුවන් නිවසේ සිට ඔබේ උපකාරක පංතියට රැස්වෙන සිසුන් සම්බන්ධකරමින් ඒ ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට.

එලෙසම නිවාඩු කාලයේ හෝ අතපසු වූ පැවරුම් සිසුන්ට ලබාදීමට viber, WhatsApp, messenger group වැනි දෑ භාවිතා කල හැකිය.

 

ශබ්ද විකාශනය යන්ත්‍ර භාවිතා කිරීම

විශාල සිසුන් ප්‍රමාණයක් සිටීනම් ඔබේ හඩ ඊට ප්‍රමාණවත් නොවිය හැකිය. ඒ නිසා මයික්‍රෆ්‍රෝනයක් හා ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කලහැකිය. FM microphone භාවිතයෙන් wireless නිසා ඔබ පංතියේ ඕනෑම ස්ථානයක සිට ඉගැන්වීම් කාර්‍යය සිදුකල හැකිය.

 

පරිගණක විද්‍යාගාර භාවිතය

ඔබේ ඇතැම් පාඩම් පාසලේ පරිගණක විද්‍යාගාරය භාවිතයෙන් පහසුවෙන් සිදුකල හැකිය. මේ සදහා ඔබට පරිගණක අංශභාර ගුරුභවතාගේ සහාය ලබාගත හැකිය

  • ගුරුවරයාට තාක්ෂණය | ගුරුවරයාට තාක්ෂණය

 

ගුරුවරයෙකුට වැදගත් වන ලිපි බලන්න >>